අපේ රටේ මොකක් හරි චිත්‍රපටයක්, ටෙලිනාට්‍යයක් හෝ පොතක් තහනම් වුණා කිවුවම හුඟක් දෙනෙක් හිතන්නේ ඒකට ලිංගිකත්වය, යුද්ධය හෝ ආගම වැරදි විදියට යොදා ගෙන ඇති කියලයි .
කිසියම් කලා නිර්මාණයක් තහනමට ලක්වෙන්නෙ අනවශ්‍ය ලෙස ලිංගිකත්වය හුවා දැක්වීම හෝ ආගමික සහ සංස්කෘතිකමය වශයෙන් බලපෑමක් ඇති කරන ආන්දෝලනාත්මක කරුණු ඉදිරිපත් කිරීම වැනි සාධක නිසා පමණක්ම නෙමෙයි.
විවිධ දේශපාලන බලපෑම් , සමහර විට අදාල බලධාරීන්ගේ නොදැනුවත්කම් මතත් ඇතැම් කලා නිර්මාණ තහනමට ලක්වී තිබෙනවා.
මේ විදිහට වාරණයට ලක්වූ චිත්‍රපටි , ටෙලිනාට්‍යය කිහිපයක් ගැන විස්තර කියන්නයි මේ සුදානම.මිට අමතරව ඔබත් දන්න චිත්‍රපටි , ටෙලිනාට්‍යය තියෙනවනම් කියන්න.ඒ තොරතුරු අපි හැමෝටම ගොඩාක් වැදගත් වේවි.
1. අක්ෂරය චිත්‍රපටය – අශෝක හඳගම
අශෝක හඳගම මහතාගේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් අක්ෂරය චිත්‍රපටය තිරගත කිරීමට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් තහනමක් පැණවෙන්නේ නෑ.
ඔවුන් වැඩිහිටියන්ට පමණය වර්ගීකරණය යටතේ එම චිත්‍රපටය තිරගත කිරීමට අවසරය ලබාදෙනවා.
කෙසේ නමුත් එවක සංස්කෘතික ඇමතිවරයාගේ මැදිහත්වීම මත මේ චිත්‍රපටය තහනම් කිරීමට කටයුතු යෙදෙනවා.
කුඩා දරුවෙක් සහ කාන්තාවක් සම්බන්ධ ජවනිකාවක් මූලික කොටගෙන තමයි මේ තහනම පැණවීමට හේතු සැපයෙන්නේ.
කෙසේ වෙතත් මේ තහනමත් සමගම මේ චිත්‍රපටය සහ වාරණයේ සාධාරණ අසාධාරණ භාවය පිළිබඳව ශ්‍රී ලංකාව තුළ විශාල කතාබහක් ඇති වෙනවා.
මවු සෙනෙහස කෙළෙසන අසම්මත ජවනිකා ඇති චිත්‍රපටයක් ලෙසට සමහරුන් තර්ක කරද්දී තවත් සමහරුන් නිර්මාණයේ ස්වාධීනත්වය ගැන අදහස් දක්වනවා.
කෙසේ නමුත් තහනම මධ්‍යයේ වුවත් විශාල පිරිසක් අන්තර්ජාලය සහ වෙනත් මාධ්‍ය ඔස්සේ මේ චිත්‍රපටය නැරඹීමට මේ වනවිට සමත්ව තිබෙනවා.
2.දුටු ගැමුණු – ලංකාවේ මුල්ම කාටූන් චිත්‍රපටය – ගිවන්ත අර්ථසාද්
ලංකාවේ පළමු කාටුන් චිත්‍රපටය ලෙස සැලකෙන්නේ දුටුගැමුණු කාටුන්
චිත්‍රපටයයි. එය ගිවන්ත අර් ථසාද් ගේ නිර් මාණයක්. ප්‍රංශයේ ඇනයි චිත්‍රපට
උළෙලට සහ ස්පාඤ්ඤයේ ගිහොන් චිත්‍රපට උළෙල යන චිත්‍රපට උළෙලවල්ද දුටුගැමුණු
චිත්‍රපටය නියෝජනය කළා. මෙම චිත්‍රපට උළෙලවල් දෙකම ළමා චිත්‍රපට උළෙලවල්.
අනතුරුව පස්වැනි මණ්ඩලයට නිර් දේශ වූ දුටුගැමුණු චිත්‍රපටය 1979 ළමා වර් ශයේදී ප්‍රදර්ශනය සදහා තෝරාගනු ලැබුවා. ඒ අනුව එම වසරේ ඔක්තෝබර් 19 වැනිදා පස්වන මණ්ඩලයේ ප්‍රදර් ශනය ආරම්භ කළා. එහෙත් චිත්‍රටය විකාශය වූයේ එදින පමණයි.
හිටපු ජනාධිපති ජේ ආර් ජයවර් ධන මහතාගේ නියෝගයකට අනුව චිත්‍රපටය රාජ්‍ය චිත්‍රපට සංස්ථාව මිලට ගනු ලැබුවා. ඒ නිර් මාණ අයිතිය ශිවන්තට ලබාදෙමින්.
චිත්‍රපටය තහනම් වීමට හේතුව ලෙස ඒ දවස්වල බොහෝ කථා පැතිරුණා. වේලුසුමන අලියව නැට්ටෙන් අල්ලා විසිකරපු දර් ශනය හේතුවෙන් යූ එන් පී එක තහනම පැනවූවා කියනව. ඒ වගෙම ජේ ආර් ගෙ නහය වගේ එකක් තියනව කියනව. හැබැයි ඒ එකක්වත් නෙමෙයි ඇත්ත කථාව. ඒ වෙනකොට සිංහල දමිල කෝලහල ඇවිලෙමින් තිබුණ. මේ චිත්‍රපටය පෙන්නුවනම් ඇවිලෙස ගින්නට පිදුරු දැම්ම වගේ වෙනව. ඒ හින්දයි ලංකාවේ පළමු කාටුන් චිත්‍රපටය එක් දිනක් පමණක් විකාශය වී නතර කෙරුණේ.
3. ඉගිලෙන මාලුවෝ චිත්‍රපටය – සංජීව පුෂ්පකුමාර
මේ චිත්‍රපටය ගැනනම් හුග දෙනෙක් දන්නවා. සංජීව පුෂ්පකුමාරගේ ඉගිලෙන මාලුවෝ සිනමාපටයත් මෑතකදී ඉතාමත්ම ආන්දෝලනයක් ඇති කරමින් තහනමට ලක් වූ චිත්‍රපටයක්.
හමුදා නිලඇඳුම් භාවිතා කරමින් හමුදාව අපකීර්තියට පත්කිරීම මේ චිත්‍රපටයට එරෙහිව එල්ලවූ මූලිකම චෝදනාවයි.
ඊට අමතරව එල්.ටී.ටී සංවිධානයේ මුදල් ආධාර ලබා නිර්මාණය කරන ලද චිත්‍රපටයක් හැටියටත් මේ චිත්‍රපටයට චෝදනා එල්ල වුණා.
චිත්‍රපටයේ පිටපත් රාජසන්තක කල අතර ශිල්පීන්ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමටද කටයුතු කර තිබුණි.
කෙසේ වෙතත් තහනමත් සමග කරළියට පැමිණි චිත්‍රපටයේ ආන්දෝලනයට තුඩුදෙන යම් යම් සිදුවීම් චිත්‍රපටය පිළිබඳ මහත් ප්‍රේක්ෂක උනන්දුවක් ඇති කිරීමට සමත්වුණා.
ඉගිලෙන මාලුවෝ චිත්‍රපටයද තහනම මධ්‍යයේ වුවද බහුතරයක් මේ වන විට හුග දෙනෙක් නරබලනම් ඇති.
4.A330 ටෙලි නාට්‍යය – චාමර ජනරාජ් පීරිස්
2014 වර්ෂයේදී ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කරමින් තිබූ A330 ටෙලිනාට්‍යය චාමර ජනරාජ් පීරිස්ගේ අධ්‍යක්ෂණයක්.
යාය 4, අයාල්, පියවි වැනි කැපී පෙනෙන ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කල චාමර මේ නාට්‍යයේ තේමාව කොටගෙන තිබුණේ ගුවන් සමාගමක සේවක සේවිකාවන්ගේ ජීවිතයි.
මේ ටෙලිනාට්‍යය ගැනත් හුගදෙනෙක් දන්නවා.පුර්ව ප්රචාරක දැන්වීම් නම් කාටත් මතක ඇති.කෙසේනමුත් කොටස් කිහිපයක් ප්‍රචාරණයෙන් පසුව මේ ටෙලිනාට්‍යය ප්‍රදර්ශනය කිරීම නවතා දමන්නට ස්වාධීන රූපවාහිනියට සිදුවනවා
ඒ ශ්‍රීලන්කන් සමාගම විසින් කරනු ලබන පැමිණිල්ලක් නිසාවෙන්. අධිකරණ නියෝගයක් මගින් එම සමාගම පවසා තිබෙන්නේ ගුවන් සේවක සේවිකාවන්ගේ ඇඳුම් සහ ශ්‍රීලන්කන් සමාගමේ ලාංඡන ටෙලිනාට්‍යෙයන් ඉවත් කරන ලෙසටයි.
කෙසේ නමුත් නිෂ්පාදනය කොට අහවරව ප්‍රදර්ශනයත් ඇරඹි පසු එසේ කිරීම අපහසු බව අධ්‍යක්ෂකවයා විසින් කියා සිටිය අතර අදාල ටෙලිනාට්‍යය ප්‍රදර්ශනය කිරීම නවතා දමන්නට ස්වාධීන රූපවාහිනිය තීරණය කරනවා.
මිට අමතරව ඔබත් දන්න චිත්‍රපටි , ටෙලිනාට්‍යය තියෙනවනම් කියන්න.ඒ තොරතුරු අපි හැමෝටම ගොඩාක් වැදගත් වේවි.