මේ කියන්නේ එහෙම හදාගන්න පුලුවන් කෑම කීපයක් ගැන. බියර් යොදාගෙන හැදුවත් මේවට මත් වෙන්නෙ නැති බවනම් කියන්නම ඕනෙ. පහත බේක් කරන්න ඇති හැම වට්ටෝරුවකම වේලාව උදුනේ රස්නය අනුව මදක් වෙනස් විය හැකි බවත් සැලකිල්ලට ගන්න.
1. savory chicken
අවශ්‍ය ද්‍රව්‍ය:
- කපාගත් කුකුලු මස් කිලෝ එකක්
- ලයන් ලාගර් හෝ කාල්ස්බර්ග් ලයිට් බියර් මිලි 330
- ලොකු ලූනු ගෙඩියක්
- තක්කාලි ගෙඩි දෙකක්
- අවශ්ය පමණ මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුනු
- කහ ස්වල්පයක්
- සීනි ස්වල්පයක්
- තලාගත් ඉඟුරු, සුදුලූනු
- කුරුඳු කුඩු
- කොත්තමල්ලි කුඩු
• ලුනු,කහ අතගා කුකුලු මස් ටික ගැඹුරු තෙලෙන් බැදගන්න.
• බියර් හැර අනෙකුත් සියල්ල බ්ලෙන්ඩරයක අඹරාගන්න.
• තෙල් ස්වල්පයක් ලිප තබා එයට අඹරාගත් මිශ්රණය දමා එයටම බියර් එක් කරගන්න.
• බැදගත් කුකුලු මස් මෙයට එක් කර හිඳෙන තුරු පිසගන්න.
බියර් එක් කිරීමෙන් වෙනදාට වඩා කුකුලු මස් වල මෘදු බවක් සහ ඔබ විඳ නැති අලුත් රසයක් ඔබට දැනේවී. උත්සව අවස්තාවකට ෆ්රයිඩ් රයිස් එකක් එක්ක උනත් මේ කරිය ගැලපෙනව.
2.Butter Cake
අවශ්‍ය ද්‍රව්‍ය:
- බටර් කෝප්ප 3
- සීනි කෝප්ප 3
- පාන් පිටි කෝප්ප 3
- බිත්තර 5
- බියර් කෝප්ප තුන්කාලක්
- වැනිලා තේ හැන්ඳක්
- බටර් සහ සීනි ක්රීම් වනතුරු බීට් කරගන්න.
- එයට බිත්තර සහ වැනිලා එක් කර පිටි ටික හෙමින් කලවම් කරගන්න.
- එයට බියර් එක් කර මිශ්ර කරගන්න.
- සෙල්සියස් 280ට විනාඩි 30ක් බේක් කර නැවත සෙල්සියස් 180ට විනාඩි 10ක් බේක් කරගන්න.
3.Cheese macaroni
අවශ්ය ද්‍රව්‍ය:
- මැකරෝනි පැකට් එකක්
- බටර් හෝ තෙල් මේස හැදි 4ක්
- තලාගත් සුදු ලූනු
- පාන් පිටි කෝප්ප කාලක්
- අබ කුඩු තේ හැදි කාලක්
- කිරි කෝප්ප 2 හමාරක්
- ලයන් ලාගර් හෝ කාල්ස්බර්ග් ලයිට් බියර් කෝප්ප තුන් කාලක්
- රස අනුව ගම්මිරිස් සහ ලුනු කුඩු
- කුඩාවට කපාගත් ලූනු
- චීස් (හැපී කව් චීස් කෑලි 5ක් පමණ ගන්න )
- කුකුලු මස්, බේකන් හෝ කැමති මස් වර්ගයක් කුඩා කෑලි වලට කඩා බැදගන්න.
• බාජනයක් ලිප තබා තෙල් හෝ බටර් ටික රත් කරගෙන එයට සුදුලූනු,ලුනු, ගම්මිරිස්, කිරි සහ පිටි ටික දමා කලවම් කරගන්න.
• අනතුරුව බියර් ටිකද එක් කරමින් උකු වනතුරු හෙමින් මිශ්රකරගන්න.
• උකු උනු පසු එයට චීස් ලූනු සහ තම්බාගත් මැකරෝනි ටික එක් කරගන්න.
• බේක් කල හැකි තැටියකට දමා උඩින් බැදගත් කුකුලු මස් හෝ බේකන් දමා සෙල්සියස් 280ට විනාඩි 15ක් 20ක් බේක් කරගන්න.
• මැකරෝනි ටික එක් කල පසු එයටම මස් එකතු කර බේක් නොකර උවද අහාරයට ගත හැක. බියර් වල ඇති රස චීස් සමඟ එකතු වී එන රස ඔබ පිනවන වෙනස්ම රසයක්. යාලුවන් කීප දෙනෙක් එන රෑ කෑමකට මෙය අපූරුයි.
අලුත් ක්රමයකට කුකුලු මස් හදමු. මේ බියර් භාවිතා කර හදන කරියක්.