ඔලිම්පික් පදක්කම් හැදුව විදිය දැකල තිබුනේ නැහැ නේද???


2016 Rio Olympic අද තමයි අවසාන දවස.අද පැවැත්වෙන සමාප්ති උත්සවයෙන් අවසන් 2016 Rio Olympic වෙනවා.ජැමෙයිකාවේ උසේන් බෝල්ට් , ඇමෙරිකාවේ Michael phelps අය ගැන ටිකක් වැඩියෙන් කතා උනේ ඔවුන් දිනාගත් පදක්කම් නිසා.නමුත් ඒ පදක්කම් හැදුන විදිය දැකල තිබුනේ නැහැ නේද??? එහෙනම් ඔන්න බලාගන්න 2016 Rio ඔලිම්පික් උළලේ රන් , රිදී, ලෝකඩ පදක්කම් හැදුනේ කොහොමද කියලා .






















අතිශයින්ම පිරිමින්ට පමණයි.....




1.ස්ලිම්ෆිට්ද ???????  රේගියුලර් ෆිට්ද?????

 කොහොමත් අපි හැමෝම slimfit  අඳින්න ආසයි. තමන්ගේ ඇඟේ හැඩය පෙන්නන්න ලස්සනට ස්ලිම්ෆිට් අඳින එකේ කිසිම අවුලක් නැහැ. සිහින් සිරුරු තියෙන අය ඕනෙවට වඩා ප්‍රමාණයෙන් වැඩි ඇඳුම් ගන්න එක එච්චර හොඳ නැහැ. එය ඔබව කැතට පෙනෙන්නට එක හේතුවක් වෙයි.

ඒ වගේම තමා මහත අය ස්ලිම්ෆිට් ඇන්දම. අවුල තියෙන්නේ ඔබ පොඩ්ඩක් හරි තරබාරු නම් ඔබේ සිරුරේ හැඩය නිසා ඔබව ස්ලිම්ෆිට් ඇඳුම් වලට කැතට පෙනෙන්න තියෙන ඉඩ වැඩි වීම. ඒ නිසා මහත ඔබට ගැලපෙන්නේ රේගියුලර් ෆිට් ඇඳුම් තමයි.

ඒ කියන්නේ? ට්‍රෙන්ඩ් අමතක කරලා තමන්ගේ හැඩයට අනුව අඳින එක කවදාවත් ට්‍රෙන්ඩි කියලයි.



2.  එක පාරට හැමදේම එපා.


ඕනෙවට වඩා ඔබේ පෙනුම සංකීර්ණ කරගන්න යන්න එපා. මොනම හේතුවක් නිසාවත් වර්ණ තුනකට වඩා ඔබ පළඳින ආභරණ වර්ණවත් කරගන්න එපා. මේක ඔබ මියුසික් බෑන්ඩ් එකක ප්ලේ කරනවා නම් අදාළ නැති වෙන්න පුළුවන්. එහෙත් අපිට රොක්ස්ටාර් කෙනෙක් වගේ පාරේ යන්න බැහැනේ.
ඔබට කැපී පෙනෙන්න උවමනා නම්, එකකට එකක් ගැලපෙන ඇඳුම් තෝරන්න. එය ඔබව අනෙක් අයගෙන් වෙන් කර දක්වාවි. ඒ වගේම අඳින දේ තමන්ට සුවපහසු වෙනකොට ඒ ගැන ආශාවක් ඇතිවීම ස්වාභාවිකයි.

ඔබට විවිධ වර්ණ උත්සහ කරන්නට උවමනා නම් පොඩ්ඩක් මේ කාලේ ප්‍රචලිත වර්ණ රටා ගැන අවධානයෙන් සිටින්න. කරන උත්සහයක් බොහොම හෙමිට ක්‍රමවත්ව නොදැනෙන පරිදි කරන්නtත් පුළුවන්. එවිට ඔබගේ හිතටත් එය පහසු වෙනවා නියතයි.


3.තනිවම ෂොපින් යන්න එපා


 ගොඩක් වෙලාවට ඔබට අවශ්‍ය ඇඳුම නෙවෙයි කඩෙන් එලියට එනකොට ඔබ අතේ තියෙන්නේ. ඔබ කතාකල සාප්පුවේ සේවකයාට උවමනා ඇඳුම. මේ නිසා ඔවුන්ට ඔබේ හිතට ඇතුළු වෙන්නට ඉඩ දෙන්නට එපා. මිල, සයිසස් ගැන වගේ ඇහුවට වරදක් නැහැ. එහෙත් ඔබට අවශ්‍ය දේට කලින් ඔවුන්ට අවශ්‍ය දේ ඔබේ හිතට පටවන්නට ඉඩ තියන්නට එපා. මේ නිසා ඔබට ඇත්ත කියන, ෆැෂන් සෙන්ස් එකක් තියෙන ඔබේ මිතුරෙක් හෝ මිතුරියක් එක්ක ෂොපින් කරන එක තමා නුවනට හුරු වන්නේ.

4.හැම  දෙයක් ගැනම සැලකිලිමත් වෙන්න.



ඔබ යන්න හදන්නේ ඔබේ රැකියා ස්ථානයේ ප්‍රිය සාදයකට නම් නිතරම සාද ඇරයුම් පතේ තියෙන ඩ්‍රෙස් කෝඩ් එක ගැන සැලකිලිමත් වෙන්න. එහෙම නැතිනම් සාදය තිබෙන වෙලාව අනුව ඔබේ ඇඳුම සකසා ගන්න සැලකිලිමත් වෙන්න. නිතරම ඔබ කැපී පෙනෙන ලෙස ඉන්නට උත්සහ කිරීම ඔබට ඉහලින් සිටින නිලධාරින් අපහසුවට පත් කරවන හේතුවක් වන්නට පුළුවන්. එහෙත් සාදය මෙහෙය වන්නේ ඔබ නම් මේ කාරනාව ඔබට අදාළ වෙන්නේ නැහැ.

5. පුංචි පුංචි  දේවල් ගැන උනත් වැඩි සැලකිල්ලක් දක්වන්න .

 ප්‍රධාන ආයිත්තම් පරිපුර්ණ බවට පත් කරන්නේ ඔබ පළඳින කුඩා ආයිත්තම් මගින්. නිදසුනක් විදිහට ඔබ ටයි ගැටය. ඔබේ කෆ්ලින්ක්ස්, ඔබ පළඳින සොක්ස් වල වර්ණය, ඔබේ ලේන්සුවේ වර්ණය ගැන පොඩි හරි සැලකිල්ලක් දක්වනවා නම් ඔබට අතපසුවීම් වීම අඩු කරාවි. ඒ විතරක් නෙවෙයි ඔබ අඳින ඔරලෝසුවේ විලාසිතාවත් මේ කොටස් වලට අයිති වෙන බව අමතක කරන්න එපා.



6.හොඳ සපත්තු ජෝඩුවක්

 පුළුවන් වෙලාවක හොඳ බ්‍රෑන්ඩ් එකක සපත්තු ජෝඩුවක් දෙකක් මිලදී ගෙන තියාගන්න. උත්සව අවස්ථාවකට යන ඔබේ වටිනාකම මැනෙන්නේ ඔබේ අතේ තිබෙන ජංගම දුරකතනයෙන් නෙවෙයි. ඔබ පළඳින අඳින ඇඳුම් ආයිත්තම් සම්බන්ධයෙන් ඔබ සතුව තිබෙන ෆැෂන් සෙන්ස් එක අනුවයි. අනික ඔබ පළඳින සපත්තු ජෝඩුව නිතරම හොඳින් පිරිසිදුව පැවතීම බොහොම වැදගත් වෙනවා. එහෙත් ගොඩක් අපේ යාළුවො සැලකිල්ලක් නොදක්වන්නෙත් මේවටම තමයි. අපි හරියටම සපත්තු දෙක පොලිෂ් කරනවාද කියන එකට හරි උත්තරයක් මේ වීඩියෝ එකේ තියෙනවා. එකත් බලන්න අමතක කරන්නෙපා.


කොහොමත් ඔබේ සපත්තු දෙක ඔබ ගැන නොකියවෙන බොහෝ දේ අනික් අයට නිහඬව පවසාවි.

7. විලාසිතා වැළඳ ගන්නේ ප්‍රවේසමින්

 එන එන හැම විලාසිතාවක්ම ආරෝපණය කරගන්න ගියෝතින් සමාජය ඉදිරියේ විහිලුවට ලක්වෙන්නේ ඔබමයි. නිකමට හිතන්න. කොලර් සයිස් අඟල් 18 විතර වෙන කමිසය ඇඳගෙන small size ටී ෂර්ට් අඳින කෙනෙක් ගමනක් ගියොත් එහෙම දකින එකත් විහිළුවක් නේද? අපි මෙතැ1නදී එහෙම කිව්වට අතට අහුවෙන ඕනෙම දෙයක් වැළඳගන්න අය ඕනේ තරම් ඉන්නවා.

ඒ නිසා, ඔබ සතුව තියෙන ඇඳුම් එකතුවෙන් ඔබට හොඳින්ම ගැලපෙන ඇඳුම් 5 හෝ 10 වෙන් කරගන්න. ඉන් පසුව එයට ගැලපෙන ආභරණ හෝ අඳින සපත්තු සේරෙප්පුත් වෙන් කරගන්න. මේ ටික වෙනම තියාගන්න. ඒ ඇඳුම් එකතුව එකකට එකක් වෙනස් කරමින් අඳින්න උත්සහ කරන්න. ඔබ නොදැන හිටියට එයින් බොහොම ලස්සන ඔබටම අනන්‍ය වුනු විලාසිතා රැසක් නිපදවාගන්න ඔබට පුළුවන් වෙයි.


8. රැවුල් /කොණ්ඩ විලාසිතාව Update කරගන්න නියම ම කාලේ



 ඔබ කොතරම් ලස්සනට ඇන්දත් ඔබේ රැවුල සහ කොණ්ඩය නිසිපරිදි පවත්වාගෙන ගියේ නැති නම් ඔබේ උත්සාහය හෝදලා හෝදලා ආපහු මඩේ දාපු සුදු රෙද්දක් වගේ වේවි. ඒ නිසා ඔබට මිතුරන් සිටිනවා නම් ඔබ ඔවුන්ගෙන් ඔබට ගැලපෙනම රැවුල්/කොණ්ඩ රටාව ගැන විමසන්න. මිතුරියක් සිටිනවා නම් විශේෂයෙන්ම ඇයගෙන් අදහස් විමසන්න. මොකද කෙල්ලෝ දන්නවා කෙල්ලෝ කැමති මොන වගේ කොල්ලන්ටද කියලා. ලස්සනට ඇඳලා කොණ්ඩේ රැවුල හැඩ කරලා ආවම මොන තරම් ආකර්ශනියද කියලා ඔබටවත් හිතා ගන්නට බැරි වේවි.