මේ ඒ වගේ ඉස්කෝලෙන් අපේ ඔළුවලට දාපු බොරු කිහිපයක් .
1 ."මහවැළි, කැළණි, වලවේ, කළු යන ගංගා
සමනළ කන්ද මුදුනේ සිට පැන නැංගා"
පී. බී. අල්විස් පෙරේරාගේ මේ කවි පෙළ අපි ඉගෙනගන්නෙ ඉස්කෝලෙ පොඩි පන්තිවලදි මයි. අල්විස් පෙරේරා කියන්නෙ හිටපු දක්‍ෂ කවියෙක්. ඒත් කරුණු හැටියට ගත්තොත් නම් මේ කවියෙන් කියන්නෙ පට්ටපල් බොරුවක්. මහවැළි, කැළණි, වලවේ කියන ගංගා පටන්ගන්නෙ සමනල කන්ද හෙවත් ශ‍්‍රීපාද කන්දෙන් නෙවෙයි!
සාමාන්‍යයෙන් ගංගාවක් හැදෙන්නෙ එකඑක තැන්තැන්වලින් එන පොඩිපොඩි දිය පාරවල් ගොඩක් එකතුවෙලා මිස එක තැනකින් ටැප් එකක් ඇරියා වගේ පටන්ගන්නේ නෑ. ඒ වුණත් ඒ අතරින් ප‍්‍රධාන මූලාශ‍්‍රය ඒ ගංගාවේ ආරම්භය කියල ගන්න එකෙත් වරදක් නෑ. ඒත් එහෙම බැලූවත් ඔය ගංගා හතරෙන් සමනල කන්දෙන් පටන්ගන්නෙ කළු ගඟ විතරයි. කැළණි සහ වලවේ ගංගා පටන්ගන්නේ හෝටන් තැන්නෙන්. මහවැලි ගගේ ප‍්‍රධාන මූලාශ‍්‍රය වන කොත්මලේ ඔය පටන්ගන්නෙත් හෝටන් තැන්නෙන්.
2.මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි
රොබට් නොක්ස් කීවා කියන මේ කතාව අපට උගන්වන්නේ ගොවිතැනට ඒ කාලේ තිබුණු පිළිගැනීම කොච්චරද කියල පෙන්වන්නයි. ඒත් මේක තනිකර ම රොබට් නොක්ස්ගේ අදහස අමු අමුවේ විකෘතිකිරීමක්.
3.වවුලන්ට ඇස් පේන්නෙ නෑ
අපි ගොඩදෙනෙක් හිතාගෙන ඉන්නෙ වවුලන්ට ඇස් පේන්නෙ නෑ, එයාලා ශබ්ද තරංගවල
පරාවර්ථනයෙක් තමයි දේවල් අඳුනගන්නෙ කියල. ඒත් ඒක සම්පූර්ණ බොරුවක්.
සාමාන්‍යයෙන් වවුලන්ට අපට වඩා හොඳට ඇස් පේනවා. ඇත්ත. එයාලා ශබ්ද තරංග
පරාවර්ථනයත් පාවිචිකරනවා දේවල් අඳුනගන්න. හැබැයි ඒ පෙනීමට අමතර ව තවත් හොඳට
දේවල් අඳුනගන්න. එහෙම නැතුව වවුලෝ අන්ධ නෑ.
තවත් ඔබ දන්නා දේවල් එකතු කරන්න . අපි හැමෝටම ප්‍රයෝජන වත් වේවි .
ඔබේ දැ නුමට යමක් එකතු කර ගත්තානම් මේ අපගේ පිටුවට like 1 දාන්න, තවත් කෙනෙකුට දකින්න share කරන්න අමතක කරන්න එපා .
